• Home
  • Gossip First Gallery
  • Archive
  • News
    • Sri Lanka News
    • World News
    • Gossip News
    • latest
  • Celebrity
    • Actors
    • Actress
    • Models
    • Galleries
  • Movies
  • Music
    • Female Artist
    • Male Artist
    • Singer
  • Home
  • Gossip First Gallery
  • Archive
  • News
    • Sri Lanka News
    • World News
    • Gossip News
    • latest
  • Celebrity
    • Actors
    • Actress
    • Models
    • Galleries
  • Movies
  • Music
    • Female Artist
    • Male Artist
    • Singer
Previous Next

23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !

May 24, 2012

Hiru TV 1 23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !

 

වසර තිස් තුනක ප්‍රෞඪ අතීතයකට හිමිකම් කියනු ලබන, ශ්‍රී ලංකාවේ රූපවාහිනී ඉතිහාසයේ විසි හතර වැනි රූපවාහිනී නාලිකාව ලෙස  හිරු ටී. වී . 23 වන දින ආරම්භ වුනා.ගුවන් විදුලි නාලිකා හතරක හිමිකරු වන ඒ. බී. සී. මාධ්‍ය ජාලය මඟින් ප්‍රේක්ෂක අයිතියට පවරන ලද හිරු ටී. වී අපේ රටේ ප්‍රථම ඩිජිටල්/එච්. ඩී. රූපවාහිනී නාලිකාව ලෙස ද ඉතිහාස ගත වෙනවා.
 
 
අති විශාල මුදලක් වැය කරමින් ද, ඉතාමත් ගවේෂණශීලී පර්යේෂණවල නිරත වෙමින් ද රූපවාහිනී නිර්මාණකරණයේ දැවැන්ත ප්‍රතිරූප එක්කාසු කර ගනිමින් ද ඇරැඹි හිරු ටී. වී. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර නාලිකා භාවිත කරනු ලබන තාක්ෂණික ක්‍රමවේද සහ මෙවලම්වලින් ද සන්නද්ධ වීම සුවිශේෂත්වයක් !

 

20120524HIRU TV 01 23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !

 

මේ එහි සභාපති රෙනෝ ද සිල්වා සමග කල කතා බහක් 

 

හිරු කියන්නේ මාධ්‍ය ලෝකයට අලුත් නමක් නොවෙයි. නමුත් හිරු ටී. වී. අපට අලුත්. පළමුවෙන්ම රූපවාහිනී නාලිකාවක් ඇරැඹීමේ අදහස් කළ අරමුණ පැහැදිලි කරමින් කතාබහ අරඹමු.

 

ඒෂියා බෝඩ්කාර්ස්ටින් කෝපරේෂන්, එහෙමත් නැතිනම් ඒ. බී. සී මාධ්‍ය ජාලය අපේ රටේ ශ්‍රාවකයන්ට ආගන්තුකයෙක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ වැඩිම අසන්නන් පිරිසක් සිටින අංක එකේ ගුවන් විදුලි නාලිකා හතරක් අප සතුයි. හිරු, සූර්යන්, ගෝල්ඩ් සහ සන් ගුවන් විදුලි නාලිකා එදා සිටම අද දක්වාම ශ්‍රාවකයාගේ මනදොළ සපුරන්නට සමත්ව තිබෙනවා. එදා පළමු ගුවන් කාලයේ එක් වූ පේ‍්‍ර්ක්ෂකයා අදටත් අප සමඟ ඉතාමත් ළෙන්ගතු සබඳතාවයකින් ඉන්නා බව අපට වැටහෙනවා.

 

20120524HIRU TV 05 23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !

 

මේ ගුවන් විදුලි නාලිකා හරහා අප කවුරුන්ද, අපේ ගමන කුමන ආකාරයේ එකක්ද, අපේ සදාතනික විශ්වාසය කෙතරම් සුරක්ෂිතද කියන වග ජනතාව දැනගෙන තිබෙනවා. ජනතාවගේ විශ්වාසනීයම ගුවන් විදුලි නාලිකා බවට අපට පත්වන්නට හැකි වුණේ ඔවුන්ට බොරු නොකළ නිසයි කියලා මා විශ්වාස කරනවා.
 
මෙවැනි දිගු සාර්ථක ගමනක් අතරතුරදී තමයි හිරු ටී. වී. කියන සංකල්පය බිහි වන්නේ. හිරු ටී. වී. පිළිබඳ මූලික සංකල්පයේදීම අපට අවශ්‍ය වුණේ නිකම්ම නිකම් රූපවාහිනී නාලිකාවක් විකාශය කිරිම නෙවෙයි.
 
එසේ තවත් එක් රූපවාහිනී නාලිකාවක් විකාශය කිරීම අපේ අරමුණ වූවා නම් ඔබ සහ මම හමු වන්නේ මීට කලකට ඉහතදී. නමුත් මේ සංකල්පය තුළ යමක් කළ යුතුයි කියලා අප තීරණය කළා.
 
ඒ සඳහා හොඳ ස්ථාවරත්වයකින් යුතු මඟක් තනන්නට අප තීරණය කළා. මේ රූපවාහිනී නලිකා ගොඩට තවත් නාලිකාවක් එක්කර මුදල් උපයනවාට වඩා මුදල් වැය කරමින් ජනතාවගේ රස වින්දනය වෙනුවෙන් නාලිකාවක් නිර්මාණය කරන්නට මම සහ පිරිවර කටයුතුª සංවිධානය කළා.
 
ඒ අනුව ඊයේ උදෑසන 6.00 ට අපේ රටේ තාක්ෂණය ඉහළම රූපවාහිනී නාලිකාව ගුවනට මුසු වුණේ මේ සියලු දෙනාගේ කැපවීමේ ප්‍රතිඵලයක් විදියටයි.
 

hiru tv team 460x277 23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !

 

* ඔබ පුන පුනා කියනවා මේ තවත් එක් නාලිකාවක් නොවන වග. කොහොමද ඔබ එහෙම කියන්නේ?

 

අද තිබෙන නාලිකා සමඟ සසඳද්දී හිරු ටී. වී. සෑම අතින්ම ඉහළයි. හිරු තමයි ලංකාවේ ප්‍රථම ඩිජිටල්/එච්. ඩී. රූපවාහිනී නාලිකාව. ඒ වගේම රූපවාහිනී නාලිකාවක් ස්ථාපනය කිරීම සඳහා වැඩිම මුදලක් වැය කළේත් හිරු කියලා මට නොබියව කියන්නට පුළුවන්. ඊයේ සිටම දීප ව්‍යාප්ත ආවරණයෙන් යුක්ත හිරු ටී. වී. ජාත්‍යන්තර නාලිකාවල විශේෂඥයන්ගේ මඟ පෙන්වීම යටතේ අපේ රටට ගැළපෙන පරිදි නිමවූවක්. ඒ නිසාම අපේ නාලිකාවේ රූපවල හා විකාශයේ ප්‍රමිතිය ගැන මට වග කියන්නට පුළුවන්.

 

* ජනතාවගේ නාලිකාව, උපරිම ප්‍රමිතිය, වගකීම වගේ වචන නාලිකාවක ආරම්භයේදී අපට හැමදාම අහන්නට ලැබෙනවා. නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ වචන තිබුණ තැනවත් සොයා ගන්නට බැරි තරමට වැසී යනවා.
 
ඔව්, තත්ත්වය එය වෙන්නට පුළුවන්. නමුත් අපේ මාධ්‍ය ජාලයේ කිසිම ගුවන් විදුලියක් මේ වන තෙක් ජනතාවට දුන් පොරොන්දු බිඳ දමල නැහැ. එදා ශ්‍රාවකයාට දුන් පොරොන්දු සුරක්ෂිතව රැක බලා ගත්තා සේම මෙදා ප්‍රේක්ෂකයාට දෙන වගකීම් පත්‍රයත් හැමදාමත් සුරක්ෂිතයි.
අපි මේ නාලිකාව නිර්මාණය කරන්නේ ජනතාවගේ උපරිම රස වින්දනය වෙනුවෙන්. මෙහි වානිජ අරමුණු නෑ කිව්වොත් බොරුවක්. නමුත් මේ වානිජ අරමුණ මූලික අරමුණ අභිබවා යන්නේ නැහැ.
 
 20120524HIRU TV 04 23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !
 
මොන වගේ වැඩසටහන්වලටද ඔබ නාලිකාව මූලිකත්වය දුන්නේ?
 
බොහෝ නිර්මාණශීලී වැඩසටහන් අප තෝරා ගෙන තිබෙනවා. ලංකාවේ ජනප්‍රියම නළු නිළියන් වැඩිම පිරිසක් එකට රඟපෑ අනුරුද්ධ ජයසිංහගේ කඩ පහන් තිර වගේ දැවැන්ත ටෙලි නාට්‍යය, එක්ටැම් ගේ චිත්‍රපටය ඇසුරෙන් ඉරේෂ් ලොකු බණ්ඩාර අධ්‍යක්ෂණය කළ එක්ටැම් ගේ, කැළුම් පාලිත මහීරත්න කලකට පසුව අධ්‍යක්ෂණය කළ වෙනස්ම ආරක ටෙලි නාට්‍යය විසුල අහස යට වගේ ජනතාව බලාපොරොත්තු වන ටෙලි නාට්‍ය අප තෝරා ගෙන තිබෙනවා.
 
ඒ වගේම පවුලේ හැමෝම වෙනුවෙන් වෙන් වූ වැඩසටහන් ගොන්නක් අපි සැලසුම් කොට තිබෙනවා.
ජනතාව බලාපොරොත්තු වන දේ ඒ අයුරින්ම දෙන්නට අපි බැඳී ඉන්නවා.
 
* බොහෝ නාලිකාවල වැඩසටහනට වඩා ප්‍රචාරය වන්නේ දැන්වීම්. හිරු ටී. වී. එහෙම වෙයිද?

 

නැහැ. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. අපි වැඩ කරන්නේ ඒ පිළිබඳ අප විසින් පනවා ගත් කොන්දේසි මාලාවක් උඩ.
 
 
20120524HIRU TV 06 23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !
 
 
* ඔබ වගකිව යුතුම නිලධාරියා?
 
ඔව් . . . මම කියන්නේ වගකීමෙන්.
 
* හිරු ටී. වී. ත් මෙගා ටෙලි නාට්‍යවලට ඉහළ තැනක් ලබා දෙනවාද?
 
 
අපි හොඳ ටෙලි නාට්‍ය මාලාවක් විකාශය කරනවා. අපේ නිගමනය ඒ හැම එකම මෙගා කියලයි. ඒ නිගමනය ස්ථිර කරන්නේ ජනතාව විසින්. ඒ හැර එකම තැන දුවන ටෙලි නාට්‍ය, එකම රූප රාමුවෙන් කොටස ඉවර වෙන ටෙලි නාට්‍ය විකාශය කරන්න අපි පෙළඹෙන්නේ නැහැ.
 
 
20120524HIRU TV 03 23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !
 
 
* ටෙලි නාට්‍ය කොටස් සියයකින් නිමා විය යුතුයි කියල රජය තීරණය කොට තිබෙනවා. මේ නීතිය ගැන මොකද හිතෙන්නේ?
 
ඒ නීතිය ගැන අපට තවම දන්වලා නැහැ. නමුත් රජය ගන්නා ඕනෑම තීරණයකට එකඟවයි අප කටයුතු කරන්නේ.
 
* දැවැන්ත වියදමක් දරා විදේශ රටක සංගීතඥයන් හා අපේ සංගීතඥයන් යොදවා වැඩසටහනක් නිර්මාණය වන බව ආරංචියි?
 
ඔව්, වැඩසටහන සඳහා වැයවන මුදල ගැන අප එතරම් සැලකිලිමත් නැහැ. නමුත් එම වැඩසටහන ප්‍රේක්ෂකයා වැළඳ ගනීවි කියලා හිතුණොත් අප එය නිෂ්පාදනය කිරීමට මැලි වන්නේ නැහැ. විදේශ රටවල කලාකරුවන් යොදාගෙන වැඩසටහනක් කිරීමට සැලසුමක් තිබෙනවා.

 

පමණක් නොවෙයි. විදේශ රටවල තිරගත වන චිත්‍රපට ඒ සැනින් අපේ රටේ ප්‍රේක්ෂකයාට නොමිලේ නැරැඹීමේ අවස්ථාව හිරු උදා කර දෙනවා.

 
මෑතදී තිරගත වූ අග්නීපාත්, ඩොන් 2, ප්ලේයර්ස් වැනි චිත්‍රපට මෙන්ම හොලිවුඩ් තිරයේ මෑතකදී විකාශය වූ චිත්‍රපට ප්‍රේක්ෂකයාට ළං කරවන්නට අපි සූදානම්. ඒ වගේම දරුවන් වෙනුවෙන් නවීනතම කාටුන් පෙළක් අප තිළිණ කරනවා. අපේ දරුවෝ අදටත් බලන්නේ අපේ පුංචි කාලේ බලපු කාටුන්. බෙන් ටෙන් වගේ කාටුන් දරුවන්ට පෙන්වන්න අපි අති විශාල මුදලක් වැය කරලා තිබෙනවා.
 
Hiru TV Teledramas 11 460x278 23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !
 
 
* ඔබ මුදල් වැය කළ බව කිහිප විටෙක ප්‍රකාශ කළා. මේ මුදල් සෙවිය යුතුයි නේද?
 
ඔව් , අනිවාර්යයෙන්ම. නමුත් එය ඉතාමත් සැලසුම් සහගතව ප්‍රේක්ෂකයාට හානි නොවන ක්‍රියාදාමයක් විය යුතුයි. ප්‍රේක්ෂකයා අප වටා සිටියොත් පමණයි අපට ඉහළ අගයක් ලැබෙන්නේ.
 
රූපවාහිනී හෝ ගුවන් විදුලි හෝ ඕනෑම මාධ්‍යයක තීරණාත්මක සාධකය වන්නේ ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා හෝ පාඨකයායි. අප රැක ගත යුත්තේ වටිනාම කොටසයි.
 
* අපේ රටේ නාලිකා රැසක් තිබෙනවා. ඒ වගේම අන්තර් ජාලය, කේබල් ටී. වී හරහා අපට නැරැඹිය හැකි නාලිකා ගණන අසීමිතයි. ඔබ හිතනවද හිරු ටී. වී. අපේ ප්‍රේක්ෂකයා පිළිගනියි කියලා?
 
මෙහෙයි . . . ඉතාමත් හොඳ රූප වැඩසටහන්, ස්ටීරියෝ ශබ්ද රටා ඇතුළත් නාලිකාවක් තමයි හිරු.
 
මේක ජාත්‍යන්තර මට්ටමේ ඊළඟ පරම්පරාවේ තාක්ෂණය උපයෝගී කොට තැනූවක්. අද ජනතාවට අවශ්‍ය ඒ දේ. අපි ඒ දේ හරියටම දෙද්දී ජනතාව ඒ දේ සතුටින් බාර ගනිවි කියන සුබදායි විශ්වාසය, අධිෂ්ඨානය අපට තිබෙනවා.
 
 
Hiru TV Teledramas 14 460x261 23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !

 

* බොහෝ පුද්ගලයන්ගෙන් කාලයාගේ ඇවෑමෙන් එළි දකින්නේ කුඩා කාලයේ බලාපොරොත්තු.
 
මට කවදතාවත් මේ වගේ ව්‍යාපාරයකට අත ගහන්න හීනයක් තිබුණේ නැහැ. ‘හිරු’ කියන්නේ අහම්බයක්. මේ නම මම මුලින්ම ලිවුවෙ හෝටලයක අමුත්තන් හමුවීමේ පර්යන්තයේදී අත පිිහදමන කොළයක.
 
ඒ ඇරැඹි ගමනේ කැපවීම, වගකීම, අධිෂ්ඨානය තමයි අද මාව මෙතනට ගෙනාවේ.
 
* ඉදිරිය කොහොමද?
 
ඉදිරියේදී ජනතාව පිනවන්නට තවත් කටයුතුවලට යොමු වෙයි කියලා හිතෙනවා.
 
* ෂා එෆ්. එම්. නැවත අරඹන්නට සූදානම් නේද?
 
ඔව්, මේ දිනවල වැඩිපුර කැප වුණේ හිරු ටී. වී වෙනුවෙන්. ඉදිරියේදී ඉක්මනින්ම ෂා ඇරැඹෙනවා.
 
 
Hiru TV Teledramas 10 460x278 23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !
 
* හිරු ටී. වී ජනතාවගේම රස වින්දනය මුලික ඉලක්ක ගත කළ රූපවාහිනියක්. මම ආයෙත් අහනවා ඔබට මෙය ඉතාමත් වගකීමෙන් කියන්න පුළුවන්ද?
 
ඔව්, මම මේ ප්‍රකාශය කරන්නේ ඉතා වගකීමෙන්.
 
අපේ ප්‍රේක්ෂකයන් හිරු සමඟ එකතු වූ වහාම මේ ප්‍රකාශය සත්‍ය බව අදට දැනේවි. ඒ අදට දැනෙන ප්‍රකාශය හැමදාමත් වලංගුයි.
 
hiru1 460x336 23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !

 

[wp_ad_camp_1]

 

 

Share!
Tweet

Related Posts

US police probe triple kidnapping house

du-hi

මගේ තාත්ත මරලා දුමින්ද වසර එකහමාරක් සැප වින්දා

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් ගෙදරට ගියේය. ඉන්පසු සමාජය මේ ගැන නොයෙක් දෙවල ...
sunny-leone-main-slide

සනී ලියෝන් ට ස්ත‍්‍රී දූෂණ චෝදනා

ඉන්දියාවෙන් වරින් වර අහන්න ලැබෙන්නේ සිත් කම්පා කරවන ආරංචි.මේ අතරින් වඩාත් මතුවී පෙනෙන්නේ එරට යු ...
murders1

Another unknown death in Kahawatte

කහවත්ත කොටකෙතනට නුදුරු  ඕපාත ප‍්‍රදේශයේ රබර් වත්තක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇත. මෙසේ මියග ...

45154 Responses tohttp%3A%2F%2Fgossipfirst.com%2F2012%2F05%2F23-%25e0%25b7%2580%25e0%25b7%2590%25e0%25b6%25b1%25e0%25b7%2592%25e0%25b6%25af%25e0%25b7%258f-%25e0%25b6%2587%25e0%25b6%25bb%25e0%25b7%2590%25e0%25b6%25b9%25e0%25b7%2592-24-%25e0%25b7%2580%25e0%25b7%2590%25e0%25b6%25b1%25e0%25b7%2592-%25e0%25b6%25b1%25e0%25b7%258f%25e0%25b6%25bd%25e0%25b7%2592%25e0%25b6%259a%25e0%25b7%258f%2F23+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B7%90%E0%B6%B9%E0%B7%92+24+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%212012-05-24+10%3A33%3A00Gossip+Firsthttp%3A%2F%2Fgossipfirst.com%2F2012%2F05%2F23-%25e0%25b7%2580%25e0%25b7%2590%25e0%25b6%25b1%25e0%25b7%2592%25e0%25b6%25af%25e0%25b7%258f-%25e0%25b6%2587%25e0%25b6%25bb%25e0%25b7%2590%25e0%25b6%25b9%25e0%25b7%2592-24-%25e0%25b7%2580%25e0%25b7%2590%25e0%25b6%25b1%25e0%25b7%2592-%25e0%25b6%25b1%25e0%25b7%258f%25e0%25b6%25bd%25e0%25b7%2592%25e0%25b6%259a%25e0%25b7%258f%2F “23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව !”

  1. Reply
    rosy
    May 24, 2012 at 11:02 am

    hiru tv hondai…but puhunu niwedikaawan yodanna….owun sanawara lesa wedasatahana meheyawanna purudu karanna,,,,,,

  2. Reply
    nugaa
    May 24, 2012 at 7:18 pm

    rate 24 weni badu naalikaawa,

    okkoma badu tika ekama irak yata HIRUUUU

  3. Reply
    nuwan
    May 24, 2012 at 7:20 pm

    දුමින්දයයි,අයියයි යුස් කරපු ඔක්කොම බදු ටික දැන් මෙකෙනේ…

    නැගලා යයි මොනා නැතත් මේ බඩු ටික නිසා B)

  4. Reply
    ashen
    May 24, 2012 at 7:22 pm

    Mannam kamathi adu gaane honda hindi film tikak wath baluwahaki…

    jayawewaa hiru t v

Cancel Reply

Social

173
followers
4147
fans
76
suscribers
Popular
Recent
Comments
Ratings
  • images (1)

    ශිහාන් මිහිරංග කියන්නේ නියම කලාකරුවෙක් නෙමෙයි – රෝයි පිරිස්

    June 3, 2012

    SUPER SIX මාකට් වෙන්නේ නිළියන්ගේ හෙළුව නිසාද ?

    June 21, 2012

    Sunny Leone Celebrated her 31st Birthday at Galle

    May 16, 2012
    Spencer Tunick Creates Sydney Mass Nude Art Installation

    දහස් ගණන් එක්වර නිරුවතින් එකම පින්තූරයට

    May 16, 2012

    මගේ එකම ටාගට් එක ආණ්ඩුව පෙරළීමයි – ෆොන්සේකා

    May 22, 2012
  • US police probe triple kidnapping house

    May 8, 2013
    du-hi

    මගේ තාත්ත මරලා දුමින්ද වසර එකහමාරක් සැප වින්දා ...

    May 8, 2013
    sunny-leone-main-slide

    සනී ලියෝන් ට ස්ත‍්‍රී දූෂණ චෝදනා ...

    May 8, 2013
    murders1

    Another unknown death in Kahawatte

    May 8, 2013
    Gotabhaya_Rajapaksa_5_0

    ගෝඨාගෙන් අනතුරු ඇඟවීමක් ! ...

    May 8, 2013
  • Mokekda me Shihan kiyana ulama... Nangi malli sidd ...

    April 1, 2013

    There are no mistakes but only life lessons in lif ...

    March 18, 2013

    roy ge lassana sindu me kalakanni vinasa karala da ...

    March 12, 2013

    Ureni Oyage amma(Reka Hordagoda) & thattha(Roh ...

    February 17, 2013

    i didn't know Kandy had any leading restaurants.

    February 14, 2013
  • colombo

    Colombo new look

    -100 %

Image Gallery

  • The new teledrama 'SURIYA BANU' opening photos
    The new teledrama 'SURIYA BANU' opening photos
  • Mahasamaya theatrical stunning photos
    Mahasamaya theatrical stunning photos
  • Jeewan's Uththama Pooja photos
    Jeewan's Uththama Pooja photos
  • Giriraj Kaushalya daughter's wedding photos
    Giriraj Kaushalya daughter's wedding photos
  • Niluka Kodikara's Birthday party photos
    Niluka Kodikara's Birthday party photos
  • Nadeesha Hemamali at Darshi's Birthday party photos
    Nadeesha Hemamali at Darshi's Birthday party photos
  • Iraj Weerarathne wedding photos
    Iraj Weerarathne wedding photos
  • Gee Rasoghaya concert photos
    Gee Rasoghaya concert photos

Top Articles in Past 24 hrs

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

Join 4 other subscribers

Tags

birthday celebrations Bodu Bala Sena bollywood celebrity Colombo cricket news Duminda Silva Events exacuted Fashion fashion show funeral Hasitha Madawala human rights india Indian News jacqueline fernandez Kelaniya Kelaniya Pradeshiya Sabha Mahinda Rajapaksa male artisit Mattala Airport movies murder music nai nalagana rape rizana nafeek Saudi death row Siri Parakum sport sri lankan actors Sri Lankan actress Sri Lankan Criket team Sri Lanka News sri lankan male artist sri lankan models sri lankan movies Sri Lanka Politics sri lanka precident sri lanka presenters Sri Siddhartha Gautama television personalities world world news

Categories

Archives

  • May 2013 (14)
  • April 2013 (79)
  • March 2013 (195)
  • February 2013 (71)
  • January 2013 (102)
  • December 2012 (1)
  • October 2012 (1)
  • July 2012 (86)
  • June 2012 (179)
  • May 2012 (246)
  • April 2012 (333)
  • March 2012 (94)
Copyright © 2012 - 2013 Gossip First
  • Home
  • Archive
  • Privacy Policy
  • Advertise